සීගිරිය
සීගිරි
ඉතිහාසය
පෞඪ ඉතිහාසයකට නෑකම්
කියන
සිංහල
දේශයේ
තවත්
අභිමානී උත්තුංග පියමන්තලාවක් වන
සීගිරිය සිංහල
චිත්‍ර කලාවේ ද
, වාස්තු
විද්යා හා ගෘහ
නිර්මාණ ශිල්පයේ ලොව
අටෙවනි
පුදුමයට පාත්රවන්නට තරම් උතුම්
ලද
මහා
කලාගාරයකි. අපේ
වංශ
කතාවලට
අනුව
සීගිරි
කතා
පුවත
ගොඩ
නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත්
දුක්මුසු අවසානයකට භාජනය
වන
පළමු
වන
කාශ්යප රජු වටා
ය.
මෙම
මහා
කලාගාරය පිහිටා
තිබෙන්නේ කොළඹ-
ත්රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක්
පමණ
උතුරු
දෙසට
යන
විට
ය.
සීගිරිය මාතලේ
දිස්ත්රීක්කයේ උතුරු දිග තැනිතලාවේ දකුණු
සීමාවෙහි මලය
රට
කඳු
පාමුලට
කිට්ටුව ඉනාමලුව කෝරලයේ
ශේෂ
කඳු
පංතියක් ලෙස
පිහිටා
ඇත.
මෙම
පර්වතය
තැනිතලාවේ සිට
අඩි
600ක්
පමණ
ඉහළට
නැග
සිටී.
දිගින්
කි:
මී:
3ක්
ද,
පළලින්
කි:මී:1ක් ද,
පමණ
වන
සීගිරිය මුදුනේ
විශාලත්වය අක්කර
3කි.
ගල්
හා
ගෙඩාල්
සංයුක්ත අතිශෝභමාන වූ
මෙම
ගෘහ
නිර්මාණ සංකීර්ණය ක්රි:ව: 5වන
සියවස
අගභාගයේ දී
ඉදි
කෙරිණි.
මහා
පවුරු,
දිය
අඟල්,
ආරක්ෂක
කුටි,
ස්වභාවික ගල්
ආරුක්කු ආදියෙනුත්,මල්
උයන්වලින් හා
හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු
කළ
හෙයින්
ම
කැටපත්
පවුර
යන
නම්
ලද
මහ
පවුරෙනුත් සමන්විත මේ
වංකගිරියේ තේජෝබල
පරාක්රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව
මොනවාට
පිළිබිඹු කරමිණි.
සීගිරිය, දිගුකල් ඛාදනයට
ලක්වූ
ගිණිකන්දකින් පිටවී
(සිසිල්
වුණු
ආග්නේය
පාෂාණ
යන්ගෙන් නිර්මාණය වූ
පර්වතයකි. ඇල
හාත්පස
පිහිටි
තැනිතලාවෙන් ඉහළට
නැගුණු
එය
ඕනෑම
පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට
දිස්වේ.
පර්වතය
වටා
තිබෙන
තැන්නෙන් එක්වරම
ඉහළට
නැගුණු
අධික
බෑවුමකින් යුක්ත
ගොඩනැගිල්ලක් මත
එය
පිහිටා
ඇත.
පර්වතය
මීටර්
370 ක්
උස
වන
අතර
සෑම
පැත්තකින්ම ප්රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම
ලෙසට
නෙරා
ඇත.
අන්ඩාකාර දිගු
ආරක්ෂක
හැඩයෙන් පහළට
ක්රමිකව දිවෙන බෑවුමක් ඇත.
5 වැනි සියවසේ
කාශ්යප රජු විසින්
තනන
ලද
පුරාණ
මාළිගයක් සීගිරියෙහි ඇත්තේය.
පර්වතයේ සමතලා
මතුපිට
මාළිගාවක නටඹුන්
තිබේ.
මැද
හරියේ
තිබෙන
සමතලා
බිමෙහි
සිංහ
ද්වාරයක්ද කුරුටු
ගී
තිබෙන
කැටපත්
පිහිටා
ඇත.
පහළ
මාළිගාව පර්වතයේ පහළ
බෑවුම
හේත්තු
වන්නට
නිර්මාණය කරන්නේ
දිය
අගල්
තාප්ප
හා
උද්යාන පර්වත පාමුල
සිට
මීටර්
සිය
ගණනක්
දුරට
විහිදී
ඇත.
මෙම
භූමිය
මාළිගාවකින් හා
බලකොටුවකින් යුක්තය.
දැනට
තිබෙන
ප්රමාණවත් නටඹුන් වලින් එය
නිර්මාණය කළ
අයගේ
විශිෂ්ඨ හැකියාව හා
නිර්මාණශීලිත්වය පිළිබද
අගනා
හැගීම්
එය
නැරඹීමට පැමිණෙන අයගේ
සිතෙහි
ජනිත
කරවයි.
සීගිරි භූමි
සැළැස්ම පළමු
සහශ්රයේ නාගරික සැලසුම් කරණයේ
අනර්ඝ
උදාහරණයක් ලෙස
සීගිරි
නිර්මාණය දැකිය
හැක.
භූමි
සැළසුම
ඉතාමත්
අලංකාර
සහ
සුක්ෂ්යම ලෙස සකස්
කරන
ලද්දක්
ලෙස
සැලකේ.
සැලසුම් සකස්
කිරීමේදි ජ්යාමිතික සැළසුම් සහ අවට පිහිටි
ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා
හොදින්
නිරීක්ෂණය කර
සංයෝග
කර
ගැළපීම් හා
නොගැලපීම් සංකල්පය එක්
කොට
ඇති
බව
පෙනේ.
පර්වතය
බටහිර
දෙසින්
තිබෙන
උද්යාණය රාජකීයන් උදෙසා
සුදුසු
ලෙස
සකස්කර
ඇත.
උද්යානයෙහි ජලය රදවා තබා
ගන්නා
ව්යුහය නිර්මාණය කර
ඇත.
ඒවා
සකස්
කිරීමේදී පොලව
යටින්
දිවෙන
ජල
පීඩන
ක්රමයක් යොදා ගෙන
ඇති
අතර
මෙයින්
සමහරක්
අදද
ක්රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස්
අතින්
නිම
කළ
ජලාශයකි. මෙවැනි
ජලාශ
මීට
පෙර
ශ්රී ලංකාවේ වියළි
කලාපයෙහිද බොහෝ
සෙයින්
ප්රයෝජනයට ගැනුණි. සීගිරි බිමට
පිවිසෙන ස්ථාන
වල
දොරටු
පහකි.
ඒවා
අලංකාර
ලෙස
නිමවා
ඇති
බටහිර
දොරටුව
රාජකීයන් උදෙසා
වෙන්කර
තිබුණා
යැයි
විශ්වාස කළ
හැක.
- කලා ශිල්ප හා සාහිත්‍ය
නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්
සීගිරිය නැගී
බැලීමට
ඇති
සිංහ
ස්වාමියා සිතේ
ආශාව
සපුරමින් බැලීමි.
ඉන්
පසු
පර්වතයේ රන්වන්
කතුන්
බැලීමේ
ආශාව
ද
නැති
විය.
යන්න
මෙම
කවියේ
අදහසයි.
තව
ද
මෙම
වාස්තු
විද්යාත්මක කලාව සදහා
පැරණි
මිසර
හෝ
පර්සියන් උද්යානවල දක්නට ඇති
ජ්යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්රම මූලික සිද්ධාන්ත ලෙස
භාවිත
කර
ඇත.
මේසා
විශාල
පර්වතය
මත
මාළිගා
සංකීර්ණයක් ඉදිකිරිම සදහා
ගඩොල්
රැගෙන
ආ
සැටි
ද
පුදුම
සහගත
ය.
මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා,
අතරින්
ගෙඩාළුමය පැතිකඩ
හා
ගල්
පොකුණු
රැසකින් වට
වූ
ශෛලමය
සිංහාසනය විස්මයෙන් සිත
අලලන
සුළු
ය.
සීගිරිය නම්
වු
මහා
වාස්තු
විද්යාත්මක සැලසුම්කරණ වික්රමයේ හදවතත්, කේන්ද්රස්ථානයත් වූයේ මේ මාළිගාවයි. ගල
මුදුනේ
අක්කර
තුන
හමාරක
බිම්
ප්රමාණයක් වසා ගෙන ඇති
මේ
සුවිසල් මාළිගය
රාජ්‍ය බලයත්, මිනිස්
ශ්රමයත් කැටි කොට
පිළිබිඹු කරන
කදිම
ස්මාරකයකි. තව
ද
මාළිගයේ අගය
තීව්ර කරමින් ඉදිරියට දිවෙනා
ශිලා
උද්යාන, දිය අඟල්
හා
බුබුළු
නඟමින්
පතිත
වන
දියමල්
කැලකින් සැලසුම් ලද
මේ
මහා
නිර්මාණය ලොවට
කියා
පාන්නේ
සීගිරි
වාස්තු
විද්යාඥයින්ගේ නිර්මාණ කෞෂල්යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්යාන අතීතයේ ඒක්
යුගයක
තුරු
පෙළින්,
මල්
ගොමුවලින් හා
පස්
පියුමෙන් සැදි
රාජකීය
ජීවිතයේ කාන්තියෙන් හා
කෙළි
දොළින්
ජීවමාන
වුන
නන්දන
උද්යානයක් විය. සීගිරිය ලෝ
පතළවන්නට එහි
ඇති
උද්යාන කලාව මෙන්
ම
බිතු
සිතුවම් ද
මා
හැඟි
උපකාරයක් ලබා
දේ.
අව්
වැසිවලින් උවදුරුවලට පත්
නොවී
බිතු
සිතුවම් කෝෂයේ
සුරැකී
ඇති
මේ
සිතුවම් එක්
වකවානුවක පර්වතයේ බටහිර
දෙසට
වන්නට
බිත්තිය පුරා
වූයේ
කස්සප
රජුගේ
අන්තඃපුර ලලනාවන් යැයි
හැදින්වීමට ඇතැම්
වියතුන් උත්සහා
දරා
ඇත.
නමුත්
මේ
බිතු
සිතුවම්වලට වස්තු
විෂය
වන්නේ
අප්සරාවන් හෙවත්
දිව්යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත්
පරණවිතාණයන් පවසන
අන්දමට
අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා
විදුලි
කෙටීම
නිරූපණය කරණ
බවත්
ය.
නමුත්
දුරාතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි
විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර
වනිතා
පෙළකගේ
සිතුවම් ලෙසට
ය.
මෙම
සීගිරි
සිතුවම් සමකාලීන දකුණු
ආසියානු චිත්‍ර සම්ප්රදායන්ට ආවේණික
සම්භාව්‍ය
චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි.
තව
ද
සීගිරියේ ඉතිරි
ව
ඇති
විශේෂ
මතක
සටහන්වලින් එකක්
වන්නේ
බිතු
සිතුවම්වලට පහළින්
කැටපත්
පවුර
වසා
සිටින
ගී
සමුහයා
ය.
මෙම
ගී
"සීගිරි
ගී"නම් වේ. මෙම
ගීවලින් පෙනී
යන
අන්දමට
දිවයිනේ සෑම
පෙදෙසකින් ම
පැමිණි
කලාකාමීන්ගේ විනෝද
නිකේතනයක් බවට
සීගිරිය පත්
ව
තිබූ
බව
පැහැදිලි වේ.
ලංකාවේ
සිටි
ශ්රේෂ්ඨ පුරාවිද්යාඥයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා
කාශ්යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට
කුවේරයා මෙන්
දේවත්වයක් ආරෝපණය
කර
ගෙන
සිටි
බව
ප්රකාශ කරයි.
iS.sßh uqoaorhla f,i m%jdrh ùu.
සිගිරි ගලේ
මුද්දර
කථාව
ආරම්භ
වන්නේ
වර්ෂ
1938 දීය.
ඉංග්‍රීසි පාලනය
පැවැති
එකල
ප්‍රධානියා වූ
හයවන
ජෝර්ජ්
රජුගේ
රූපය
සමග
සිගිරි
ගල
ප්‍රථමයෙන් මුද්දරයක පසුබිම
සරසමින් සිගිරි
ගලේ
මුද්දර
ජීවිතය
ආරම්භ
කරයි.
ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්රීලංකාවේදී ද ඉන්දියාව එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකළ සිගිරි මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත.
ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්රීලංකාවේදී ද ඉන්දියාව එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකළ සිගිරි මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත.
·
2012 වසරේදී ප්රංශය එළිදැක්වූ ලෝක උරුම සීගිරිය සහිත
මුද්දරය
සිගිරි බළකොටුවෙන් සැරසූ
යුනේස්කෝ ලාංචනය
පසුබිමට එක්
කළ
මිලිමීටර් 40×26 තිරස් හැඩති
කුඩා
මුද්දරය යුරෝ
ශත
95කට
මිල
කර
ඇත්තේය
එක්පත්
ඉරුවකට
මුද්දර
50ක්
ලෙස
සකස්
කොට
මුද්දර
ලක්ෂ
හයක්
නොවැම්බර් මස
12 වෙනිදා
ප්‍රංශ තැපැල්
පොලට
නිකුත්
කළේය.
මෙම
මුද්දරයේ ඇති
ලෝක
පූජීත
පසුබිමත් එහි
නිර්මාන ශිල්පියත් ලොව
පිලිගත් විශේෂ
එකතුවක්වීම සීගිරි
මුද්දරය ප්‍රංශයේ මෙන්ම
ලෝකයේ
සුවිශේෂි ස්ථානයක් හිමිකර
ගත්තේය.
අවුරුදු 69ක් වයැසැති ප්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.
සැරසීම හා කලා ශිල්ප විද්යාව පිලිබඳ ප්‍රංශයේ සුප්‍රසිද්ධ විද්යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්යා පීඨයේ උසස් අධ්යාපනය අවසන් කල ඔහු 1977 දී ප්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.
ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.
පැරිස් අග නගරයේ පිහිටි ජාත්යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප්‍රංශයේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.
අවුරුදු 69ක් වයැසැති ප්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.
සැරසීම හා කලා ශිල්ප විද්යාව පිලිබඳ ප්‍රංශයේ සුප්‍රසිද්ධ විද්යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්යා පීඨයේ උසස් අධ්යාපනය අවසන් කල ඔහු 1977 දී ප්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.
ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.
පැරිස් අග නගරයේ පිහිටි ජාත්යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප්‍රංශයේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.
පිංතුර
සීගිරිය
සීගිරි ලලනාවියෝ
සීගිරි ගී
පැරණි සිංහල
සාහිත්යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා
අපුර්ව
ප්රතිභා ශක්තියක් සීගිරි
ගී
තුළින්
පිළිබිඹු වේ.
මේ
තුළින්
එකළ
කවීන්ගේ අව්යාජ කවීත්වය හා
අනූන
ස්වාධීනත්වය හෙළි
වේ.
මතුපිටින් පෙනෙන
අදහසට
වඩා
ගැඹුරු
අදහසක්
මෙම
ගී
තුළින්
මතු
වේ.
සීගිරි
ගී
බොහොමයක් අපුර්ව
චමත්කාරයක් ද
විශිෂ්ට කවීත්වයක් ද
ඉමහත්
ප්රතිභා ශක්තියක් ද
ගැබ්
වී
ඇත.
සීගිරි
බිතුසිතුවම්වලින් විචිත්රණය කොට ඇති
කතුන්
ද
අවට
පරිසරය
ආදී
විවිධ
තේමාවන් ද
යොදා
ගෙන
මේ
ගී
රචනා
කොට
ඇත.
මෙකල
කවීන්
තම
සිත්
තුළ
පහළ
වූ
අදහස්
කෙටි
කොට
පිඬු
කොට
දක්වා
ඇත්තේ
සීගිරි
කැටපත්
පවුරේ
ගී
ලිවීම
අතිශයින් ම
දුෂ්කර
හෙයිනි.
කවිය
පිළිබඳ
මහා
පරිචයක් කාව්යකරණයේ ඉමහත් හැකියාවක් හා
භාෂා
පටුත්වයක් මින්
හෙළි
වේ.
ව්යංගාර්ථයෙන් හා වක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී
විශේෂයක් ලෙස
සිගිරි
ගී
හැදින්වේ.
මෙම සිගිරි
ගීවලින් වැඩි
කොටසක්
ම
ගීති
නම්
ඡන්දස්
අලංකාරවලින් රචනා
කරන
ලද
පද්‍ය යයි. යහ
ගී
පියුම්
ගී
මත්වල
ගී
කව්
ගී
උමතු
ගී
දුවඟ
ගී
යොන්
ගී
ආදී
විවිධ
විරිත්වලින් බැඳි
මේ
සීගිරි
ගී
පද්‍ය සංහ්රයක්
ලෙස
විභාග
කර
බැලිය
හැක.
එසේ
සීගීරි
ගී
රචකයෝ
තමන්
ලියූ
ගීවලට
යටින්
තමන්ගේ
නම්
ගොත්
හා
ග්රාම නාම සඳහන්
කළහ.
තවෙකෙක් සිය
නාමය
යෙදීමට
ප්රථම තම රැකියාව පවා
සඳහන්
කර
ඇත.
මෙසේ
රචිත
වූ
සීගීරි
ගී
මෙරට
විශිෂ්ට පුරා
විද්යා ඉතිහාසඥයකු වන
සෙනරත්
පරණ
විතාන
ශුරීන්
දශක
දෙකක
පමණ
කාලයක්
තුළ
කියන
සීගීරි
ගී
685න්
මුද්රණය කොට ඇත.
1.එළෙනෙ (ල) කුළි මැටියා
ලී
ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක්
ගීයක්
(කීයී
මි)
(බස)ක් රන් වනැන්
බැලීමී
අසිරි
සිගිහි
ගී
2. ස්වස්ති-
පැඡින් පන් වැසි
මෙයල්බතින් ගී
රන් වනැන් අ
(ස්ද්ව)
ස්
මියැහියෙජේ
මහනෙල් අත්හි ගත්
මෙහිම
බුයුත්
නොබුයුයෙන්.
3.
සව
බරණින්
සැජ්
ගිරි
හිසැ
සිටිහි
කුමට
යෙහෙළී කියා සො
නුමුත
අප
හිමි
බවුදු
(දෙකෙ)ස ලුනෙත්.
4. නැ(ගි)
අලුයම
අවුජ්
බලයි
සිටියි
හි
මෙහි
මස්
විහිදමි මහද මරු ගස
එන
තමු
(රු)
වෙනෙහි
සුවද්හි මෙහි
අග්බෝය (හිමියෙමි මෙ
) ගී
ලිමි.
5. සිතහි යහපත විද
බලය
(මෙහි)
රනවන
බුන
බලහ
නො
මෙ
රජමහ
සිත
රජමහ
හම
සිහිවන
ක(ල)
සෙන් බොදෙවල
ලයු
ගී.
6.ස්වස්ති
තොප
නුයුන
මිණි
විට්නෙන් වැම්මෙන පැහැ
දිසෙ(ය්)
නො කෙළෙ
ත(මා) න් තෙ(මට්) එ ඉන්
(ද)
නිම්
තොප සුර
බව.
7. ස්වස්ති
අගතිනි
අත්
සලව්
මෙහි
පොහොන්නෙක් නැතිද
නව බග්ළසන්ද් දුට්
මිනිසක් හු
නොවජනෙනයි.
8. කොමුල් අමඩ්
ලෙඩ්
ලිනසී
එ
බොන්ද
මියුර්
යහ
බැ
සී
එ
කපල්
දල
වන්
දිගැ
සී
මන
ජල්(ව)යි (සිත්)
නොමු
සී
9. සලතලහි හුණු
අකර
සෙයින
ලයු(තුබු) සිත්
මුළා
වෙ
මෙනෙ
මෙ
බෙයදහි
රනවනැන
දුටුයෙන්
10.
යහෙ(නි) ගිරි වැසි
සලමෙය්
හිමියන් ගෙ
මෙයලු
ගී
ගන
ගල්
බින්ෙනිෙ දැර
සිලග
දුට්
පැතිතක් සෙය
සොනෙහින්ම
ලද්
විසට්
බ
ජු
නොහස්
තීප
අත්මය්
වුයු
11. ස්වස්නනනති අග්බොය්මි ලීමි
නිල්
ක(ට්) රොට් මලෙකැ
අවුණු
වැට්කොළ මලසෙය්
සැන්දැ
ගැ
සිහිවෙන්නේ මහනෙල්
වන
හය්
රන්වන
හුන්
12. මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ
කවෙක්
හින්දෙ
ලී
(මෙ බෙ)
ලුව
ගී
නොහිස්
ගී
බලත
දක්නා
සෙ
ගෙති
13. නො(ව)න්නොද
පුලුදු
හුණබජ්
නො
වරග්න(හ්)
නොසිටිය
වෙ
දී
හැද
සමුන්ද
කළ
පුන්සන්ද උදෙස
14. මනෙන්මී ලැදි
මහ
බන්ද්තා පැහැබර
සිනා
රුස්නා
කතක්
හී
තොස්නා
මිණි
අකුසු
හීන්හී
ලස්
ගන්නා
නැඟි
ඇති
බලනට
-බැලැමි
සිහිවියන් සිහිගිරි මනෙදාළ
පුරයි
සරි
-බලන
රිසිව
බෙයන්ද්
සීගිරි ගීයෙහි භාෂා ලක්ෂණ
ලංකාවේ මාතලේ දිස්ත්රික්කයේ ඉනාමළු
කෝරළයේ
වගපනහපල්ලේ සියපත්තුවේ පිහිටි "සීගිරිය නම් වු මීටර් 180 ක් පමණ උස්
වු
පර්වත
ශිඛරය
වර්තමානයේ දෙස්
විදෙස්
පතල
වු
ඓතිහාසික කලාගාරයකි. මෙම කලාගාරයේ නිර්මාතෘ ක්රි:ව: 473-491 දක්වා ලක්දිව
රජ
කළ
I වන
කාශ්යප රජුයි. කාශ්යප රජුගේ කාලයෙන් පසු
අභාවයට යන මෙම
රාජධානිය , පසු
කාලීනව
කලාකාමී පොදුජනතාවගේ, සෞන්දර්යාත්මක චින්තනය හෙළි
පෙහෙළි
කර
ලූ
ඓතිහාසික සිහිවටනයක් බවට
ද
පත්
වෙයි.
ඒ
සීගිරි
කැටපත්
පවුරේ
සටහන්
වන
"සීගිරි කුරුටු ගී" මඟිනි.
සීගිරි
බිතුසිතුවම්
මෙම සීගිරි
ගී
බොහොමයකට වස්තු
විෂය
වූයේ
"සීගිරි
බිතුසිතුවම් "ය . සාහිත්‍ය අගයෙන් අනූන
පද්‍ය බොහොමයක් සීගිරි
කැටපත්
පවුරෙන් හමු
වේ.
මෙම
ගී
බොහොමයක දැකිය
හැක්කේ
සීගිරි
පැමිණිවුන් එහි
වූ
ලලනා
රූ
දැක
තම
සිත
තුළ
නිපන්
අදහස
කවියට
නැගීමකි. මෙම
සීගිරි
බිතුසිතුවම් සම්ප්රදායික සිංහල කලා
කෘතිවලට ආගන්තුක බව
පැහැදිලි වන
කරුණකි.
එමෙන්
ම
මෙම
සීගිරි
ගීත
ද
සම්ප්රදායික සාහිත්‍ය
සම්ප්රදායට ද අනුගත
වූ
බවක්
නොපෙනේ.සීගිරි ගී බොහොමයක්ම ශෘංගාර
රසය
දනවයි.
මෙම
සීගිරි ගී කවීන් නිදහස්
කාව්‍ය සම්ප්රදායක්
අනුගමනය කළ
අතර
එබැවින් සීගිරි ගී නිර්මාණ හරහා
අනුරාධපුර යුගයට
අයත්
යම් යම් සමාජිය
ලක්ෂණ මෙන්ම අනුරාධපුර යුගයේ
භාවිතා
වු
භාෂාවේ
ඇතැම්
භාෂාත්මක ලක්ෂණ පිළිබඳව වු
තොරතුරු ද
සීගිරි
ගී
අතුරින් හඳුනා
ගත
හැකි
ය.
අනුරාධපුර යුගයයට
අයත්
සාහිත්‍ය හා භාෂාව
පිළිබඳව තොරතුරු හෙළි
කරන
සීගිරි
ගී
මේ
අනුව
වැදගත්
වේ.මෙම භාෂා ලක්ෂණ පිළිබඳව ප්රථම වරට අවධානය යොමු වන්නේ
1895-1905 තෙක්
කාලය
තුළ
සීගිරිය තුළ
පුරාවිද්යා
පර්යේෂණ කටයුතු
සිදු
කළ
ප්රථම පුරා විද්යා කොමසාරිස් වන
"එච්.
සී.
පී.
බෙල්
" මහතාගේ
කාලයේ
දී
ය.
1930 දී
සීගිරි
ගී
කියවීම
ඇරඹෙන
අතර
එහි
පුරෝගාමියා වුයේ මහාචාර්ය සෙනරත්
පරණවිතාන මහතායි.
1956 දී
"Sigiri Graffiti " යනුවෙන් එතුමා
විසින්
කාණ්ඩ
දෙකකින් පළ
කරන
ලද
කෘතියේ
ගී
685 ක්
ඇතුලත්
වේ.
සිංහල ප්රාකෘතයට පසුව පහළ
වුණු
"පුරාතන
සිංහලය
" පිළිබඳ
වටිනා
තොරතුරු සමුදායක් ලබා
ගත
හැකි
හොඳ
මූලාශ්රයක් ලෙසින් ද
"සීගිරි
කුරුටු
ගී
" සමුච්චය , මහාචාර්ය ජේ.
බී.
දිසානායක මහතා
විසින්
දක්වා
ඇත.
සීගිරි
ගීවලින් මතු
වන
සිංහලය
"සීගිරි
සිංහලය"
ලෙස
වෙසෙසා
හැඳින්විය යුතු
බව
ද
එතුමා
පවසයි.
එසේ
වන්නේ
සීගිරි
සිංහලයේ දක්නට
ලැබෙන
ඇතැම්
ලක්ෂණ , තත්කාලීන වෙනත්
ලේඛනවල
දැකිය
නොහැකි
බැවිනි.
සීගිරි
ගීයෙහි
හඳුනා
ගත
හැකි
ලක්ෂණ කීපයක් ම
මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා,
"සිංහල
අක්ෂර විචාරය " නැමැති කෘතියේ
දක්වයි.
සීගිරි
ගී වල වැදගත්කම
සීගිරි ගී
කිහිප
ආකාරයකින් ම
ලාංකික
ඉතිහාසය තුළ
වැදගත්කමක් උසුලයි.
එනම්,
- මෙරට පැවති සමෘද්ධිමත් හා උසස් සභ්යත්වයක් පැවති අනුරාධපුර යුගයට අයත් සම්භාව්‍ය
සාහිත්‍ය
හා භාෂාව පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මුලාශ්රයක් ලෙස සීගිරි ගී වැදගත් වේ. පසුකාලීනව ඇති වන විවිධ වසංගත , සතුරු ආක්රමණ ආදිය නිසා මේ යුගයට අයත් බොහෝ සාහිත්‍ය
ග්රන්ථ අභාවයට පත් වී ඇති බැවින් සිගිරි ගී අනුරාධපුර යුගයට අයත් වැදගත් සාහිත්‍ය
මූලාශ්රයකි.
- සීගිරි ගී බහු කතෘක මූලාශ්රයකි. එම ගී නිර්මාණය වන්නේ සීගිරිය නැරඹීමට පැමිණි පොදු ජනයා අතින් නිසා සීගිරි ගී මඟින් නිරූපනය වන්නේ එකල පැවති පොදු ජන රුචිකත්වයයි.
- මෙතෙක් වු ආගමික සාහිත්යයෙන් බැහැර වු කෘතියක් වීම. සම්භාව්‍ය
සාහිත්‍ය
තුළ දී වස්තු විෂය තීරණය වීමේ දී ආගමික බලපෑමක් තිබූ මුත් සීගිරි කාව්‍ය
සම්ප්රදාය එම ආකෘතියෙන් බැහැර වූවකි.
කැටපත් පවුර
සීගිරි
සිංහලය
සීගිරි ගී
වඩා
වැදගත් වනුයේ , එම
ගී
ලියූවන්ගෙන් වැඩි
පිරිස
එදා
මෙරට
වාසය
කළ
බහුතර
පොදු
ජනයා
වීමයි.
එසේ
ම
මෙම
සීගිරි
ගී
තවත්
අතකින්
වැදගත්
වනුයේ
එතෙක්
පැවති
ආගමික
සාහිත්යට ගැති නොවී
කළ
නිර්මාණ ලෙසයි.
එසේ
ම
කැටපත් පවුර වැනි
සීමිත
ඉඩක
සංක්ෂිප්තව කළ මේ
ගී
මුක්තක
ගී
ගණයට
වැටේ.
එය
ද
මෙහි
විශේෂත්වයයකි. මෙහි
දී
සීගිරි
සිංහලය
හරහා
මතු
වන
කරුණු
කීපයක්
හඳුනා
ගත
හැකිය.
එනම්
- එකල වු පොදු ජනයා භාවිතා කළ නම් , ගම් මින් හඳුනා ගත හැක. මින් සමහරක් අල් අකුරකින් ද
සමහරක් ස්වරයකින් ද
අවසන් වේ.
උදාහරණ:
අල් අකුරකින් අවසන් වන
නම්
|
:
|
අග්බොය් , සලමෙය් , කිතල්
|
ස්වරයකින් අවසන් වන නම්
|
:
|
කසබ , කිතල , අනුරා
|
- උපමා රෑපක ආදි කාව්යාලංකාර බිහි කිරීමට සිංහල භාෂාව දක්වන සමර්ථතාව.
උදාහරණ:
ස්වස්ති, අග්බොයි මි ලීමි.
|
|||
නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැට්කොළ මල සෙයි
|
|||
සැන්දැගැ සිහි
වෙන්නෙය් මහනෙල්වන හය් රන්වන හුන්.
|
|||
අග්බොයිමි ලීමි.
|
|||
මහනෙල් මලක් ගැනැ සුරතත්නි මන්ද් බැල්මෙන්
|
|||
ගැසු නිල් මහනෙල් කැලුම් කිම
දැ
කුම්
සෙය්
ත
මන
වෙය.
|
|||
අල් අකුරු බහුලව යෙදීමේ රීතිය :
සීගිරියේ දක්නට
ලැබෙන
කලා
කෘති
පොදු
සිංහල
සංස්කෘතියට ආගන්තුක වන්නා
සේම
සීගිරි
සිංහලය
ද
ඊටම
ආවේනික
වු
ලක්ෂණ
දරයි.
අල්
අකුරු
බහුලව
යෙදීමේ
රීතිය
ද
එවැන්නකි.
- නූතන සිංහලයේ මූර්ධඡ - ණ අල් වී නොයෙදුනත් සීගිරි සිංහලයේ මූර්ධඡ ණ් යෙදේ.
උදාහරණ:
අද
|
එදා
|
|
අමුණ
|
--
|
අමුණ්
|
මුහුණ
|
--
|
මුහුණ්
|
- නුතන සිංහලයේ මූර්ධජ - ළ අල් වී නොයෙදේ. නමුත් සීගිරි සිංහලයේ මූර්ධඡ ළ් බහුල ය.
උදාහරණ:
අද
|
එදා
|
|
ඇසළ
|
--
|
ඇසෙළ්
|
කොමළ
|
--
|
කොමුළ්
|
- සිංහලයේ අල්පප්රාණ අක්ෂර 10 කි. නමුත් නුතන සිංහල පදයක අවසානයේ දී වැඩිපුර ම
යෙදෙනුයේ ක් - යන්න හා ත් යන්න පමණි. නමුත් සීගිරි සිංහලයේ වෙනත් අල්පප්රාණ අක්ෂර ද
පදාවසානයේ හමු වේ.
උදාහරණ:
ග්
|
ජ්
|
ට්
|
ඩ්
|
ද්
|
ප්
|
බ්
|
||
අද
|
--
|
අග
|
ඇවිත්
|
තුටු
|
කොමඩු
|
අද
|
අපි
|
කලබ
|
එදා
|
--
|
අග්
|
අවුජ්
|
තුට්
|
කොමඩ්
|
අද්
|
ඇප්
|
කලබ්
|
- සම්ප්රදාන විභක්ති ප්‍රත්‍ය
වන ට
- යන්න ද
සීගිරි ගී වල අල් - ට ලෙස යෙදීම.
උදාහරණ:
අද
|
එදා
|
|
අපට
|
--
|
අපට්
|
කුමට
|
--
|
කුමට්
|
- නුතන සිංහලයේ පද අවසානයේ අල් නොවන ය
- යන්න හා ර
- යන්න ද
සීගිරි සිංහලයේ අල් වී යෙදේ.
උදාහරණ:
අද
|
එදා
|
||
(ය්)
|
අග්බෝ
|
--
|
අග්බොය්
|
(ර්)
|
උතුරු
|
--
|
උතුර්
|
නව ප්රාණාක්ෂර දෙකක්
සීගිරි ගී
වෙතින
නව
ප්රාණාක්ෂර දෙකක්
ද
, පිළි
දෙකක්
ද
හමු
වෙයි.
එනම්
"ඇ
" සහ
"ඈ"
වේ.
මෙහි
දී,
- කෙටි "ඇ" යන්න සහිත පද කීපයක් සීගිරි ගී අතුරින් හමු වේ.
උදාහරණ,
ළ ඇත්තන් , දිග ඇසිනි
ළ ඇත්තන් , දිග ඇසිනි
- දික් "ඈ" සහිත පද කීපයක් ද
හමු වන අතර එවැනි පද විරල වේ.
උදාහරණ,
ළ ඇ තුබු සෙය්
ළ ඇ තුබු සෙය්
- මෙහිදි "ඇ" විභක්ති ප්රත්යක් ලෙස ද
පූර්ව ක්රියා ප්රත්යක් ලෙස ද
සීගිරි ගීවල යෙදී තිබීමෙන් සිංහලයාගේ භාෂා ප්රභූත්වය පැහැදිලි වේ.
උදාහරණ:
අද
|
එදා
|
|||
ආධාර
විභක්ති ප්රත්යක් ලෙස
|
අතෙහි
|
--
|
අතැ
|
|
පූර්ව ක්රියා ප්රත්යක් ලෙස
|
ගෙන
|
--
|
ගෙනැ
|
නව ගාත්රාක්ෂර :
- එතෙක් සිංහලයහි ව්යවහාර නොවූ ගාත්රාක්ෂර කීපයක් ද
සීගිරි සිංහලයෙන් හමු වේ. පසු කලෙක " සඤ්ඤක අක්ෂර " ලෙස හඳුන්වනු ලැබුණේ මේ ගාත්රාක්ෂරයි. මේ අකුරු සීගිරි ගී අතර බහුල වේ. සඤ්ඤක - ග භාවිත ගී දෙකකට උදාහරණ.
"පලාවතුවෙලැ අරම්බ් තැනු සඟපල්
බතීමි
මෙ
ගීය
ලීමි"
(17)
" වහගලු පිරිවෙන් වැසි සඟල් පැවිජ්ජෙමි මෙ ගී ලීමි" (552)
" වහගලු පිරිවෙන් වැසි සඟල් පැවිජ්ජෙමි මෙ ගී ලීමි" (552)
- අද සිංහලයේ බහුලව යෙදෙන සඤ්ඤක අක්ෂර හතර වන ( ඟ , ඬ ,ඳ , ඹ ) සහිත පද ද
සීගිරි සිංහලයේ හමු වේ.
උදාහරණ:
|
අද
|
එදා
|
|
(ඟ)
|
මඟ
|
--
|
මංග
|
(ඬ)
|
කඬ
|
--
|
කාණ්ඩ
|
(ඳ)
|
මඳ
මරු
|
--
|
මන්ද
මරු
|
(ඹ)
|
අරඹ
|
--
|
අරම්බ්
|
ආශ්රිත
දිසානායක ජේ.බී, "සිංහල අක්ෂර
විචාරය"
, කොළඹ,
සුමිත
ප්රකාශකයෝ 2006






















No comments:
Post a Comment